ප්‍රභාසංස්ලේෂණය

ප්‍රභාසංස්ලේෂණය: ජීවයේ පදනම

ප්‍රභාසංස්ලේෂණය යනු හරිත ශාක පත්‍රවල සිදුවන විශ්මයජනක ක්‍රියාවලියකි. මෙහිදී, හරිතප්‍රද (chlorophyll) නම් වර්ණකය ආධාරයෙන් ආලෝක ශක්තිය අවශෝෂණය කරගනු ලබයි. පසුව, අවශෝෂණය කරගත් ආලෝක ශක්තිය යොදාගෙන වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් (CO2) සහ ශාක අවශෝෂණය කරන ජලය (H2O) අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් ආහාර නිපදවනු ලැබේ.

ප්‍රභාසංස්ලේෂණයේ සරල රසායනික සමීකරණය

6CO2 + 6H2O –(ආලෝකය, හරිතප්‍රද ඉදිරියේදී)–> C6H12O6 + 6O2
(කාබන්ඩයොක්සයිඩ් + ජලය –(ආලෝකය හා හරිතප්‍රද ඉදිරියේදී)–> ග්ලුකෝස් + ඔක්සිජන් බවට පත්වේ)

  • ප්‍රධාන ඵලය:
    • ග්ලුකෝස් (C6H12O6): ශාකයේ වර්ධනයට හා ශක්තියට අවශ්‍ය ප්‍රධාන ආහාරය මෙයයි.
  • අතුරු ඵලය:
    • ඔක්සිජන් (O2): අප ඇතුළු සියලුම ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වායුවකි.

ප්‍රභාසංස්ලේෂණයට බලපාන සාධක

  • හරිතප්‍රද
  • ආලෝක ශක්තිය
  • ජලය
  • කාබන්ඩයොක්සයිඩ්
  • උෂ්ණත්වය
  • කාබනික පෝෂක

ක්‍රියාකාරකම: ශාක පත්‍රයක පිෂ්ඨය හඳුනා ගනිමු!

ප්‍රභාසංස්ලේෂණයේදී ග්ලුකෝස් නිපදවන අතර, එය පසුව පිෂ්ඨය ලෙස ශාක පත්‍රවල තාවකාලිකව ගබඩා වේ. මෙම ක්‍රියාකාරකම මගින් ශාක පත්‍රයක පිෂ්ඨය පවතී දැයි පරීක්ෂා කළ හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බීකරයක්
  • පරීක්ෂා නලයක් (පියනක් සහිතව)
  • තෙපාවක් (tripod stand)
  • බන්සන් දාහකය
  • ජලය
  • එතිල් මද්‍යසාර (ethanol)
  • නැවුම් ශාක පත්‍රයක්
  • අයඩීන් ද්‍රාවණය (iodine solution) dropper එකක් සහිතව

ක්‍රමය:

    1. හොඳින් හිරු එළිය ලැබුණු ශාකයකින් පත්‍රයක් නෙළා ගන්න. ☀️
    2. බීකරයකට ජලය ස්වල්පයක් දමා රත් කරන්න. 🔥
    3. ශාක පත්‍රය විනාඩි කිහිපයක් උණු වතුරේ තම්බා ගන්න. මෙය පත්‍රයේ සෛල බිත්ති බිඳ දමා හරිතප්‍රද ඉවත් කිරීමට පහසු කරයි.
    4. පරීක්ෂා නලයකට එතිල් මද්‍යසාර ස්වල්පයක් දමා තම්බා ගත් ශාක පත්‍රය එයට දමන්න.
    5. මෙම පරීක්ෂා නලය උණු වතුර පිරවූ බීකරයකට දමා මද්‍යසාරය රත් කරන්න. (සෘජුවම රත් කිරීමෙන් වළකින්න! මද්‍යසාරය ගිනි ගැනීමට ඉඩ ඇත.) මෙහිදී පත්‍රයේ ඇති හරිතප්‍රද මද්‍යසාරයට දිය වී පත්‍රය අවර්ණ වේ.
    6. පත්‍රය මද්‍යසාරයෙන් ඉවතට ගෙන ජලයෙන් හොඳින් සෝදා වීදුරු පීරිසියක හෝ සුදු ටයිල් කැබැල්ලක් මත තබන්න. 🚿
    7. පත්‍රය මතට අයඩීන් ද්‍රාවණය බින්දු කිහිපයක් දමන්න. 💧
    8. වර්ණ වෙනස නිරීක්ෂණය කරන්න.

    නිගමනය:

    ශාක පත්‍රය අයඩීන් ද්‍රාවණය දැමූ විට තද නිල් හෝ තද දම් පැහැයට හැරේ නම්, එම පත්‍රයේ පිෂ්ඨය නිපදවී ඇති බව නිගමනය කළ හැකිය. අයඩීන් පිෂ්ඨය සමඟ ප්‍රතික්‍රියා කර මෙම නිල් හෝ දම් පැහැය ලබා දෙයි.

    Ushan Nethsara
    Ushan Nethsara
    Articles: 6

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *